Saturday, April 27, 2024

General line - 0115112241

චීනයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ප්‍රංශයේදී මරුට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




චීනයේ සුප්‍රසිද්ධ HNA සමුහ ව්‍යාපාරයේ සම නිර්මාතෘවරයා වන Wang Jian ප්‍රංශයේදී මුහුන දුන් හදිසි අනතුරක් හේතුවෙන් මිය ගොස් තිබෙන බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

දකුණු දිග ප්‍රංශයේ Bonnieux හි  පිහිටි ඉපැරණි කතෝලික දේවස්ථානයක් අසල පිහිටි බැම්මක් මතට නැග ජායාරුපයක් ගැනීමට මෙම කෝටිපති ව්‍යාපාරිකයා උත්සහ කර ඇති අතර එහිදී සමබරතාවය ගිලිහි මීටර් 10 ක පමණ ප්‍රපාතයකට ඇඳ වැටීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම මරණය සැකකටයුතු එකක් නොවන බවයි ප්‍රංශ පොලිසිය සඳහන් කරන්නේ.