Friday, April 26, 2024

General line - 0115112241

රටක් බලා සිටින අරුණ අද තවත් පිම්මකට සැරසේ (UPDATE)

කසුන් කැළුම්




17 වන ලෝක ශූරතා කනිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියේ අරුණ දර්ශන සහභාගි වන මීටර් 400 බාලක අවසන් පූර්ව තරගය අද (12) රාති‍්‍රයේ පැවැත්වෙනවා. 

ඊයේ (11) පැවති 3 වන මූලික වටයේ තරගය ජය ගනිමින් ඔහු ඊට සුදුසුකම් ලබා ගත්තා. ඒ තත්පර 46.81 දක්ෂතාවක් වාර්තා කරමින්. 

අකුරම්බොඩ ජාතික පාසලේ සිසුවෙකු වන අරුණ දර්ශන ඉකුත්දා ජපානයේදී නිමා වූ ආසියානු කනිෂ්ඨ මළල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී මීටර් 400 බාලක ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. ඒ  නව ආසියානු කනිෂ්ඨ තරග වාර්තාවක්ද සමගින්. 

අද පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී අරුණ දර්ශන 6 වන මංතීරුවෙන් තරග වැදීමට නියමිතයි. 3 වන අවසන් පූර්ව තරගයට එක්ව සිටින කී‍්‍රඩකයින්ගේ කාල ගණනයන්ට අනුව අරුණ දර්ශනට 3 වන ස්ථානය හිමිව තිබෙනවා. 

ඔහු සහභාගි වන අවසන් පූර්ව තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද රාතී‍්‍ර 10.10ට ආරම්භ වීමට නියමිතයි. මෙවර ලෝක ශූරතා කනිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලිය ෆින්ලන්තයේදී පැවැත්වෙනවා.

 

---------------------------------

පදක්කම් බලාපොරොත්තුව තවදුරටත් (UPDATE)

(11-07-2018 14:20)

 

ශී‍්‍ර ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් දල්වමින් ලෝක ශූරතා කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ මීටර් 400 බාලක ඉසව්වේ අවසන් පූර්ව වටයට සුුදුසුකම් ලබාගැනීමට අරුණ දර්ශන අද (11) සමත් වුණා. ඒ, අද පස්වරුවේ පැවති 3 වන මූලික වටයේ තරගයේ ප‍්‍රථම ස්ථානය හිමි කර ගනිමින්.

තරග නිමි කාලය තත්පර 46.81 ක්. අකුරම්බොඩ වීරකැප්පෙටිපොල ජාතික පාසලේ සිසුවෙකු වන අරුණ දර්ශන ඉකුත්දා නිමා වූ ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව තරග වාර්තාවක් ද සමගින්. අරුණ දර්ශන සහභාගි වන අවසන් පූර්ව තරගය හෙට රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතයි. ෆින්ලන්තයේදී මෙම තරගාවලිය පැවැත්වෙනවා.

-----------------------------------

ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුව සහභාගී වන තරගය සජීවීව මෙතැනින් 

11-07-2018 13:50

ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුව අරුණ දර්ශන සහභාගී වන තරගය සජීවිව මෙතැනින් නරඹන්න.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.50ට පමණ ආරම්භ වනවා.

(සවීජි තරගය මෙතැනින් නරඹන්න)

--------------------------------

අරුණ තරග වදින්නත් කලින් සෙසු තරගකරුවන්ට පීඩනයක්

(11-07-2018 10:47)

 

 

17 වන ලෝක ශූරතා කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් අද (11) තරග බිමට පිවිසෙනවා.

අකුරම්බොඩ ජාතික පාසලේ අරුණ දර්ශන මීටර් 400 බාලක ඉසව්වේ මූලික වටයේ තරගයට අද පස්වරුවේ එක්වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.50ට පමණ ආරම්භ වනවා. අරුණ දර්ශන ඉකුත්දා ජපානයේදී නිමා වූ ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 400 බාලක ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව තරග වාර්තාවක්ද සමගින්. 

අද පස්වරුවේ මූලික වටයේ 3 වන තරගයට එක්වන අරුණ දර්ශන ඊට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් අතර මෙම කාලසීමාවේ හොඳම කාල ගණනයට හිමිකම් කියනවා. 

ලෝක මීටර් 400 කණිෂ්ඨ ධාවකයන් අතර ඔහුට හිමිව ඇත්තේ 05වන ස්ථානයයි.