Friday, April 26, 2024

General line - 0115112241

පළමුවැනි සුභග ශිෂ්‍යත්ව ප්‍රදානය (PHOTOS)




මෙරට පාසල් පද්ධතිය තුළ සිටින, අනාගත අභියෝග ජයගැනීමෙහි විභව හැකියාවන් සහිත, ක්‍රීඩා, සෞන්දර්ය හා නව නිපැයුම් ක්ෂේත්‍ර තුළින් සුවිශේෂ කුසලතා පෙන්වන ලද නිර්මාණශීලී දරුවන් දිරිගැන්වීම සහ ඉදිරියේ දී එම හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කරගැනීම අරමුණු කරගනිමින් අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දී ඇති සුභග ශිෂ්‍යත්ව වැඩසටහනෙහි පළමුවැනි ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ  සංකලපයක් යටතේ 2017 වසරේ සිට හඳුන්වා දෙන ලද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබාගත් පළමු සිසු කණ්ඩායමට සිසුන් 1000ක් ඇතුළත් වුණා.