Saturday, April 27, 2024

General line - 0115112241

තවත් ශී‍්‍ර ලංකා බලාපොරොත්තුවක් අද ලෝක කණිෂ්ඨ මළල කී‍්‍රඩා තරග බිමේ

කසුන් කැළුම්




ශි‍්‍ර ලංකා කණිෂ්ඨ 400x4 සහය දිවිමේ කණ්ඩායම අද (15) ලෝක ශූරතා කණිෂ්ඨ මළල කි‍්‍රඩා තරගාවලියේ අවසන් තරගයට එක්වනවා.

එම තරගය මෙරට වේලාවෙන් පැවැත්වෙන්නේ පස්වරු 05.58ටයි.

අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහිදී තරග වැදීමට නියමිතයි.

හාරසියය හතර කණිෂ්ඨ ධාවකයින් අතර ශි‍්‍ර ලංකාව ලොව දක්ෂතම රටවල් 08 අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්. ලෝක ශූරතා කණිෂ්ඨ මළල කි‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන්නේ ෆින්ලන්තයේදීයි.