Saturday, April 27, 2024

General line - 0115112241

ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිට මාස 03ක සිර දඬුවම්

කසුන් කැලුම්




ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති එම් කේ අමිලට අද මාස 03ක සිර දඬුවමක් නියම කෙරුණා. ඒ, පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට වරදකරුවීම හේතුවෙන්.

මෙම නියෝගය නිකුත් කළේ ඇඹිළිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්. අදාළ පොලිස් නිලධාරියාට රුපියල් 30,000ක වන්දියක්ද ගෙවන ලෙසද මෙහිදී නියෝග කෙරුණා. 

2013 ඇඹිළිපිටිය පනාමුරේ ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියට අදාලවයි මෙම සිර දඬුවම නියම කර ඇත්තේ. ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙකු ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි පොලිස් නිලධාරියෙකු ඒ පිලිබඳ කළ විමසීමකදී මෙම බාධා කිරීම සිදු කර තිබෙනවා.