Saturday, April 27, 2024

General line - 0115112241

"කලු ජූලිය" සමරන්න එක්වන්නැයි උතුරේ ජනතාවට ඇරයුම්

දිනසේන රතුගමගේ




ලබන 23 වනදාට යෙදෙන කලූ ජූලිය සැමරීම සඳහා එක්වන්නැයි ඉල්ලමින් දෙමළ සංවිධාන කිහිපයක් උතුරු පළාත පුරා අත්පත‍්‍රිකා බෙදා හරිමින් සිටිනවා. කලූ ජූලියේදී ඇති වූ ගැටුම්වලින් දෙමළ වැසියන් 3000කට වැඩි පිරිසක් ඝාතනයට ලක්වූ බවයි මෙම අත්පත‍්‍රිකාවල දැක්වෙන්නේ.

එහි සැමරුම් උතුරු පළාතේ ස්ථාන ගණනාවකදී සිදු කෙරෙන බවද ඒවායේ සඳහන්ව තිබෙනවා. කලූ ජූලිය සැමරීම සඳහා සංවිධාන කෙරෙන වැඩසටහන්වලට ජනතාව එක්විය යුත්තේ කෙසේදැයි උපදෙස් දෙමින් උතුරු පළාතේ ඇතැම් ස්ථානවල පෝස්ටර් ද අලවා තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් කියා සිටියේ.