Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශ කි‍්‍රකට් ගොඩගන්න ශී‍්‍ර ලංකාවෙන් තවත් පුහුණුකරුවෙක්

තරංග රුක්ෂාන් ජයසේකර




බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායමේ නව ප‍්‍රධාන පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකාවේ හිටපු කී‍්‍රඩක නවීඩ් නවාස් තෝරාගෙන තිබෙනවා. එළඹෙන ලෝක කුසලානය අවසන් වන තෙක් ඔහු පුහුණුකරු ලෙස බදවාගත් බවයි බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රකාශ කළේ.

44 හැවිරිදි නවීන් නවාස් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 3 කට කී‍්‍රඩා කර තිබෙනවා. ඔහු මීට පෙර 2009 වසරේ සිට 2014 දක්වා ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළා.