Friday, April 26, 2024

General line - 0115112241

මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතු විපක්ෂයේ හොඳම අපේක්ෂකයා

සජිත් තිලකරත්න




මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතු විපක්ෂයේ හොඳම අපේක්ෂකයා  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම පවසනවා. මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පවතින ව්‍යවස්ථාමය බාධා ඉවත් කර ගැනීම සිය ඉදිරි බලාපොරොත්තුව වන බවයි මන්ති‍්‍රවරයා කියා සිටියේ.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මෙම අදහස් පළ කළා.