Saturday, April 27, 2024

General line - 0115112241

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැන සැකයක් - ඒකාබද්ධ විපක්ෂය කතානායකට පවසයි (VIDEO)

සමන්ත කුමාර




මෙරට මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ සැක මතුව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එබැවින් මාධ්‍යවේදින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මැදිහත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

"සරත් ෆොන්සේකා මැතිතුමා ගැන පලවුණ ලිපියක් සම්බන්ධයෙන්, පාතාල සාමාජිකයින් ආරක්ෂාවට තියාගෙන ඉන්න ඇමතිවරයා කිව්වම මෙතනට ඇවිත් මොකක්ද කළේ. ඊයෙත් මෙතනට ඇවිත් නෙත් එෆ් එම් එකේ මාධ්‍යවේදී හේමන්ත කහවලගේ ශ්‍රී නාත් ප්‍රසන්න ජයසූරිය ලංකාදීපයේ ඉන්න මාධ්‍යවේදියාට චෝදනා එල්ල කළා. රිවිර පත්තරේ සම කතෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවල තියෙනව. 

මේ පාර්ලිමේන්තුවේ ඉඳපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ජෝෂප් මයිකල් පෙරේරා පැවසුවා සරත් ෆොන්සේකා ඇමතිවරයා කීත් නොයාර්ට පහරදීමට ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකයක් තියෙනව කියල කිව්වා. නඩුවල මෙතුමාගේ නම ගෑවිලා තියෙනවා. මේ ඇමතිවරයාට එරෙහිව චෝදනා තියෙනවා. මේ පුද්ගලයා මෙහෙම තර්ජනය කරද්දි මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පිළිබඳ සැකයක් එල්ලවෙලා තියෙනවා. මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියල කතානායක තුමාගෙන් ඉල්ලනවා." යැයි පැවසුවා.