Friday, April 26, 2024

General line - 0115112241

හිටපු හමුදාපතිවරයෙකුගෙන් වත්මන් යුද්ධ හමුදාපතිට බලපෑම්




හිටපු හමුදාපතිවරයෙකු විසින් වත්මන් යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකට බලපැම් සිදු කර ඇතැයි වාර්තා වනවා. 

මේ සම්බන්ධයෙන් වත්මන් යුද්ධ හමුදාපතිවරයා ජනාධිපතිවරයාටද පැමිණිලි කර ඇති බව සඳහන්. 

අදාළ හිටපු හමුදාපතිවරයා පසුගිය සමයේ යුද්ධ හමුදාවේ කටයුතුවලට මැදිහත් වී තිබෙනවා. වත්මන් හමුදාපතිවරයා ඊට විරෝධය පළ කර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව වත්මන් හමුදාපතිවරයා විසින් මේ පිළිබඳ ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබෙනවා.

අදාළ හිටපු හමුදාපතිවරයා දේශපාලන කටයුතුවලටද සම්බන්ධ අයෙක්.