Friday, April 26, 2024

General line - 0115112241

ඉදිරි වසර දෙකට අගමැතිගෙන් අලූත් සැලැස්මක්




ග‍්‍රාමීය ප‍්‍රදේශ නඟා සිටුවීම අරමුණු කර ගනිමින් නව යෝධ සංවර්ධන සැලැස්මක් 2019 සහ 2020 යන වසරවලදී අඛණ්ඩව සිදු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ග‍්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන හා ගම්පෙරළිය වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ එම සැලැස්මට අනුව බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ. 

මීට අමතරව තවත් සංවර්ධන වැඩසටහන් රැසක් සිදු කරමින් ඇති බවද රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මඩකලපුව මන්මුනේපත්තු ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. 

යුද්ධයට හසු වූ නැගෙනහිර වැනි ප‍්‍රදේශ දියුණු කිරීම සඳහා වෙනත් වැඩසටහන් ආරම්භ කර ඇති බවත්, එහි එක් අදියරක් ලෙස සංචාරක ව්‍යාපාරය දියුණු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ඊට පහසුවක් ලෙස නැගෙනහිර පළාතේ සංචාරක ගුවන් සේවයක් ක‍්‍රියාත්මක කරන බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.