Saturday, April 27, 2024

General line - 0115112241

රක්ෂිතයක අක්කර සිය ගණනක් විනාශයි (PHOTOS)

ජයන්ත වීරසේකර - වැල්ලවාය




වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ සපුගොඩ කදු රක්ෂිතයේ අද (08) දහවල් විශාල ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න මේ වන විට රක්ෂිතය පුරා වේගයෙන් පැතිර යන අතර ගින්න නිසා රක්ෂිතයේ අක්කර සීයකට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. 

ආපදා කලමනාකරණ ඒකකයේ මොණරාගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර ගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ ගින්න මැඩපැවැත්වීම සඳහා යුද හමුදා භට කණ්ඩායමක් කැදවන බවයි.

මෙම රක්ෂිතයේ ශ්‍රී ලංකාවට ආවෙනික ගල්සියඹලා,බුරුත,හල්මිල්ල,ගම්මාලු වැනි ශාක සහ වලිකුකුළන්, ඌරන්, මී මින්නන් වැනි සතුන් විශාල වශයෙන් ජීවත් වන බව ප්‍රදේශවාසීන් පවසනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ තෘණ භූමිය ද සම්පූර්ණයෙන්ම ගින්න නිසා විනාශ වී ඇත.