Friday, April 26, 2024

General line - 0115112241

දිනූෂා ගෝමස් අද ආසියානු තරග බිමේ - අකලංක තරගයෙන් පසු විභාගය ලියයි

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේ තරග පැවැත්වෙන 2 වන දිනය අදයි.

අද (20) දිනයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කී‍්‍රඩා ඉසව් 7ක් සඳහා එක්වනවා.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අකලංක පීරිස් අද උදෑසන මීටර් 50 පසුපස ආර පිිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකට එක්වීමෙන් පසු සාමාන්‍ය ඉංගී‍්‍රසි ප‍්‍රශ්න පත‍්‍රයට ජකාර්තා නුවර පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේදී පිළිතුරු සැපයීමට නියමිතයි.

පිරිමි වොලිබෝල් තරගද අද සිට ආරම්භ වන අතර එහිදි ශී‍්‍ර ලංකාව තායිලන්තය සමගින් අද තරග වදිනවා.

මේ අතර ටෙනිස් පිරිමි කේවල ඉසව්වේ මූලික වටයේ තරගය ජයගත් තිවංක ශාමාල් අද දිනයේදී ජපාන කී‍්‍රඩකයෙකුට එරෙහිව තරග වැදීමට නියමිතයි.

ඊයේ පැවති ටෙනිස් කාන්තා කේවල ඉසව්වේ මූලික වටයේ තරගයක් ජය ගත් අනීකා සෙනෙවිරත්න අද දිනයේදී චීන කී‍්‍රඩිකාවකට එරෙහිව තරග වදිනවා.

මේ අතර ආසියානු කී‍්‍රඩා උළලේ ශී‍්‍ර ලංකා පිරිමි හොකී කණ්ඩායම සහභාගි වන පළමු තරගය ජපානයට එරෙහිව අද පැවැත්විමට නියමිතයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ලෝකඩ පදක්කම් ලාභීනී දිනූෂා ගෝමස් සහභාගි වන බර ඉසිලීමේ තරග ඉසව්වද අද පැවැත්වෙනවා. ඇය තරග වදින්නේ කිලෝග‍්‍රෑම් 48 බර පන්තියෙන්.