Friday, April 26, 2024

General line - 0115112241

ඇමෙරිකා ඩ්‍රෝන් ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්තානයේ IS නායකයා මරුට

දිනුක් හේවාවිතාරණ




ඇෆ්ගනිස්තානයේ, නානගර්හර් ප්‍රාන්තයේදී අමෙරිකාව විසින් එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් එහි ඉස්ලාමිය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ නායක අබු සෙයිඩ් ඔර්කාසෙයි ඇතුළු තවත් ත්‍රස්තවාදීන් 10 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

මෑත කාලයේදී ඇෆ්ගනිස්තානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සහ ත්‍රස්ත ප්‍රහාර රැසකට වගකිවයුතු පුද්ගලයා වශයෙන් එරට බුද්ධි අංශ විසින් අබු සෙයිඩ් ඔර්කාසෙයි කරුණු අනාවරණය කරගෙන තිබුනා.

පසුගිය වසර 02 ක් තුල මියගිය සිවුවෙනි ඉස්ලාමිය අන්තවාදී ත්‍රස්ත නායකයා වන්නේ අබු සෙයිඩ් ඔර්කාසෙයි බව ඇෆ්ගනිස්තාන බුද්ධි අංශ අනවාරණය කරගෙන ඇත.

ගතවූ මාස 02ක කාලය තුලදී තලෙයිබාන් සහ ඉස්ලාමිය අන්තවාදීන් විසින් ඇෆ්ගනිස්තානයේ පුරා සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් වැඩි කරමින් සිටින බවට අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය හමුදාවන් විසින් අනතුරු අඟවා තිබෙනවා.