Saturday, April 27, 2024

General line - 0115112241

හමුදා ප්‍රධානීන්ගේ ෆේස්බුක් ගිණුම් තහනම් : එක්සත් ජාතින් ෆේස්බුක් සමාගමට දෙහි කපයි

දිනුක් හේවාවිතාරණ




මියන්මාරයේ සිදුව ඇති බව කියන සමුල ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන එරට යුධ හමුදාපතිවරයා ඇතුළු ප්‍රධාන පෙලේ හමුදා නිලධාරින් පිරිසකගේ ෆේස්බුක් ගිණුම් තහනම් කිරීමට එම පියවර ගෙන තිබෙනවා. 

මියන්මාරයේ සිටින රෝහින්ගයා ජනතාවට එරෙහිව එරට හමුදා ප්‍රධානින් සිදුකළ බව කියන සමුල ඝාතනයන් හා විවිධ අපචාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විමර්ශන සිදු කරන බවට වාර්තා කිරිමත් සමග ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන තිබෙනවා.

මියන්මාරය සම්බන්ධයෙන් ෆේස්බුක් ගිණුම් 18ක් සහ ෆේස්බුක් පිටු 52 ක් ඉවත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා. මිට අමතරව ඉන්ස්ටග්‍රෑම් ගිණුමක්ද අත්හිටුවීමට පියවර ගෙන ඇති බව එම සමාගම නිවේදනය කරනවා.

මෙම මියන්මාර හමුදා ප්‍රධානින් විසින් සාවද්‍ය තොරතුරු සහ ජාතින් අතර මතභේද ඇතිවන ආකාරයේ තොරතුරු පලකිරීමට මෙම සමාජ මාධ්‍ය ජාල ගිණුම් යොදා ගෙන ඇති බව හෙළිවී තිබෙනවා.

දැනට තහනම් කරන ලද ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වල පරිශීලිකයින් මිලියන 12ක් සිටින බවට එම ෆේස්බුක් සමාගම සදහන් කරනවා.

සාවද්‍ය තොරතුරු හුවමාරුවීම නතර කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ දැඩි දෝෂදර්ශනයට ෆේස්බුක් සමාගම ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය හෙළිකර සිටිනවා.