Saturday, April 27, 2024

General line - 0115112241

නාලක සිල්වාට මාරුවීමක්




ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදියි.

ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි නාලක සිල්වා පොලිස් මූලස්ථානයේ තාක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසටයි පත්කර ඇත්තේ. ඒ සඳහා පොලිස් කොමිසමේ ද අනුමැතිය ලැබී තිබෙනවා. 

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට ද ඉකුත්දා දැනුම් දුන්නා.