Saturday, April 27, 2024

General line - 0115112241

"ජනතාව නිවරැදි ලෙස දැනුවත් කිරීමෙන් වැරදි අදහස් යටපත් කළ හැකියි"

මහේෂ් චතුරංග




ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජනතාව නිරවුල් ලෙස දැනුවත් කළ යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දෙනවා. එසේ කිරීමෙන් එම පියවර සම්බන්ධයෙන් ඇතැම් අය ඇති කරන වැරදි අදහස් යටපත් කළ හැකි බවයි කථානායකවරයා පැවසුවේ. 

දේශමාන්‍ය අල්හාජ් එම්. ඒ. බාකීර් මාකර් මහතාගේ 21 වන ගුණානුස්මරණය වෙනුවෙන් ජාතික සංහිඳියාව පිළිබඳ බාකීර් මාකර් මධ්‍යස්ථානය ඊයේ (19) සංවිධාන කර තිබූ උත්සවයකදී මේ බව ප්‍රකාශ කෙරුණා. 

කොළඹ පිහිටි ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම උත්සවය පැවැත්වුණා.