Saturday, April 27, 2024

General line - 0115112241

කාර්මිකයන්ට හදන්න බැරි දෝශය නිවැරදි කර "මහවන මැදදී දුම්රියට පණ දුන්" සිසුවා (PHOTOS)




කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් තිබියදී කාර්මික දෝෂයකට ලක් වූ 4022 දරණ දුම්රිය, එහි මගියෙකු වූ තරුණයෙකු විසින් යළි පණ ගන්වනු ලැබූ පුවතක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ, අදාළ කාර්මික දෝෂය දුම්රිය තාක්‍ෂණික ශිල්පීන්ට සකස් කිරීමට නොහැකිවීම හේතුවෙන්. මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව තිබුණේ ගල්ගමුව, මහගල්කඩවල ප‍්‍රදේශයේදීයි. අධිපීඩන නළයක ඇති වූ දෝෂයක් ඊට හේතු වී තිබුණා.

දුම්රිය යථා තත්ත්වයට පත්කිරීම සදහා තාක්‍ෂණ ශිල්පීන් විනාඩි 45 ක් පමණ දැඩි වෙහෙසක් දරමින් උත්සාහ දරා තිබුණා. එහෙත් දුම්රිය පන ගැන්වීමට ඔවුන්ට හැකිවී නැහැ. ඒ අවස්ථාවේ ඊට ස්වේච්ඡාවෙන් මැදිහත් වූ දුම්රියේ සිටි තරුණයෙකු එම කාර්මික දෝෂය නිවැරදි කර තිබුණා. ඒ, දුම්රිය තාක්‍ෂණ ශිල්පීන්ගේද අවසරය මතයි. මෙම තරුණයාට දුම්රිය නැවත පණ ගැන්වීම සදහා ගතවි තිබුණේ විනාඩි 20 ක පමණ කාලයක් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.  ඔහුට දුම්රිය රියදුරා ඇතුළු තාක්‍ෂණ නිලධාරීන්ද සිය සහාය ලබාදී තිබුණා.

ස්වේච්ඡුාවෙන් සිය දායකත්වය ලබාදුන් මෙම තරුණයා ජනිත් දිමන්ත විතානාරච්චිය. ඔහු මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා පසුව පෞද්ගලික විශ්ව විද්‍යාලයක වැඩිදුර අධ්‍යපනය ලබමින් සිටින්නෙකි.