Friday, April 26, 2024

General line - 0115112241

පුද්ගලික බස් හිමියන් ලංගම බස් 03ක හුළං ඇරලා

කමල් සුරවීර




මහනුවර ගුඩ් ශෙඩ් බස් නැවතුමේ ඊයේ (11) රාත්‍රියේ ගාල් කොට තිබු හැටන් ඩිපෝවට අයත් බස් රථ තුනක ටයර් වල හුළං ඇරීම හේතුවෙන් එම බස් රථ වල ගමන් වාර සියල්ල අහෝසි කිරීමට හැටන් ඩිපෝ බලධාරීන්ට සිදුව තිබෙනවා.මෙම බස් රථ සියල්ල අද උදැසන හැටන් බලා ගමන් ආරම්භ කීරීමට නියමිතව තිබු බව ඩිපෝ බලධාරීන් සදහන් කරනවා.

මෙම බස් රථ ධාවනය කිරීමේදී පුද්ගලික බස් රථ ධාවකයන්ගෙන් දැඩි බාධා නිතරම එල්ල වන බවත් මෙම ටයර් වල හුළං ඇරීමේ සිදුවීමට එම පුද්ගලික බස් ධාවකයන් සම්බන්ධ බවත් හැටන් ඩිපෝ සේවකයන් පැවසුවා. මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිළි කරන බවත් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත් හැටන් ඩිපෝ බලධාරීන් සඳහන් කළා.