Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති බිරිද මාධ්‍යයට නොකියා සරදම් කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට‍්‍රම්ප් සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් මතුව තිබෙනවා. ඒ, ඇය හැඳ සිටින කබායක් සම්බන්ධයෙන්. එම කබායේ සටහන්ව තිබුණේ තමා කිසිවක් නොතකන බවත් ඔබ එලෙස සිදු කරන්නේද යන්න පිළිබඳවයි. 

ව්‍යාජ ප‍්‍රවෘත්ති නිර්මාණය කරන මාධ්‍ය වෙත එය පණිවිඩයක් බවයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත්තේ. මෙලානියා ට‍්‍රම්ප් පිළිබඳ මෙම ජායාරූපය සහිත ප‍්‍රවෘත්තිය පළ වුණේ මාධ්‍ය පිළිබඳ ඇය සිදු කළ ප‍්‍රකාශයට දිනකට පසුවයි. එහිදී ඇය ප‍්‍රකාශ කර තිබුණේ සිය විවාහ ජීවිතය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පළවන වාර්තා සියල්ල සත්‍ය නොවන බවයි.