Saturday, April 27, 2024

General line - 0115112241

නිවාස පෙළක් කාසල්රී ජලාශයට කඩා වැටීමේ අවධානමක් (PHOTOS)

රංජිත් රාජපක්ෂ




නෝර්වුඞ් නිව්වැලිගම ප‍්‍රදේශයේදී හැටන් - බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ කොටසක් අඩි 10ක් පමණ ගැඹුරට ගිලාබැස තිබෙනවා.

මේ හේතුවෙන් ප‍්‍රධාන මාර්ගය අසළ පිහිටි නිවාස 05ක් කාසල්රී ජලාශයට කඩා වැටීමේ අවදානමක් ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

ප‍්‍රදේශයේ නායයාම් අවදානම සක‍්‍රීය වීමත් සමග එම නිවාසවල ජීවත් වූ පුද්ගලයින් 23 දෙනෙකු මීට පෙර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද පියවර ගැණුනා.

ප‍්‍රධාන මාර්ගය ගිලා බැසීමත් සමග ගමනාගමන කටයුතුවලට ද බාධා සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.