Saturday, April 27, 2024

General line - 0115112241

බස්නාහිරදී වෙනස් කළ චක‍්‍රලේඛය ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්




පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක‍්‍රලේඛය බස්නාහිර පළාත් සභාව නැවත සංශෝධනය කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි බවට නීතිපති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම දෙපාර්තමේන්තුවෙන් කළ කරුණු විමසීමකදීයි.

බස්නාහිර පළාත් සභාවේදී අදාළ චක‍්‍රලේඛය නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුවයි අධ්‍යාපන ලේකම්වරයා නීතිපති දෙපාර්තමේන්තුවෙන් එම කරුණු විමසීම සිදුකර ඇත්තේ. අමාත්‍යාංශ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප‍්‍රධාන ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.