Tuesday, March 19, 2024

General line - 0115112241

රාජ්‍ය බැංකු ගැන හොයන්නත් ජනපති කොමිසමක් ඉල්ලයි

තරංග රුක්ෂාන් ජයසේකර




රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් සොයා බැලීමටද විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අදාළ ආයතන පිළිබඳ විශ්වාසය තහවුරු වන්නේ එවැන්නකින් පමණක් බවයි ඔහු කියා සිටියේ.

වෙලාවකට හිතෙනවා මේ රටේ ජනාධිපතිවරයා මේ තරම් අසරණ වෙලා ඉන්නේ ඇයි කියලා. මොකද රටේ සමස්ත මුදල් ක්‍රමය, රටේ සමස්ත බැංකු ක්‍රමය රටේ ණය ක්‍රමය දැවැන්ත අර්බුධයකට ලක්වෙලා රටේ දැවැන්ත මුල්‍ය අර්බුධයකට ලක්වුනොත් විදේශ රටවලින් ණයවර ලිපි පවා පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. මේ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා බැංකු සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා 


මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද වත්මන් තත්වය පිළිබඳ අදහස් පළ කළා.

මේ ආණ්ඩුවට කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. කළේ මිනිස්සුන් ගෙන් පළිගන්න ගන්න එක විතරයි. ඔවුන් උත්සහ කළේ රාජපක්ෂ පවුලෙන් පළි ගත්තම ඔක්කොම හරි කියලා. අද ජනාධිපතිවරයා කියන දේ අගමැතිවරයා අහන්නේ නැහැ. මේ වගේ රටක් පාලනය කරන්න බැහැ යැයි මන්ත්‍රිවරයා සදහන් කර සිටියා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පළ කළේ මෙවන් අදහසක්. 

රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් හා ඉදිරි අයවැය පිළිබඳ ඔහු මෙලෙස අදහස් පළ කළා.