Saturday, April 27, 2024

General line - 0115112241

ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධව ඇල්ලූ ඉන්දීය ජාතිකයා විශේෂ ප්‍රකාශයක් කරයි 

අධිකරණ වාර්තාකරු




ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට යොමු කර ඇති ඉන්දියානු ජාතික මර්සලීන් ගෝමස් නැමැත්තා අද (23) අධිකරනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නට  දැන්වූයේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී  ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවයි.

එය ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරිය ඉන්දියානු ජාතිකයාට නියෝග කළා.

මේ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට 124ක් අතරින්  123 ක් ඔවුන්ගේ හඩවල් බවට රසපරීක්ෂකවරයාගේ වාර්තාව අනුව තහවුරු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.