Saturday, April 27, 2024

General line - 0115112241

ජනවාරි 08 අරගලයට ඉදිරියටත් - සෝභිත හිමි ගුණ සමරුවේදී ශපත කරයි

සමන්ත කුමාර/ මහේෂ් චතුරංග




පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් නායකත්වය ලබා දුන් 2015 ජනවාරි 08 අරගලයට ඉදිරියටත් කැපවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසනවා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තුන්වන ගුණාණුස්මරණ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, කතානායක කරු ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියා.