Saturday, April 27, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණ පැරණි ක‍්‍රමයට තියන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ඕනෑ

පසන් වික්‍රමතිලක




ඉදිරි පළාත් සභා මැතිවරණ පැරණි ක‍්‍රමයට පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ සඳහා පළාත් සභා ඡුන්ද විමසීම් පනතද සංශෝධනය කළ යුතු බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඞ් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

අනුමැතිය හිමිවීමෙන් පසු මාස 02ක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර නව ආණ්ඩුවේ පාර්ශව මේ වනවිට ප‍්‍රකාශ කර ඇත්තේ මාස 3 ක් ඇතුළත පළාත් සභා මැතිවරණ පැරණි ක‍්‍රමයට පැවැත්වීමට කටයුතු කරන බවයි.