Friday, April 26, 2024

General line - 0115112241

මරණ දඬුවම නියමවූ සිරකරුවෙකු මරා දමයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




අඟුනුකොලපැලැස්ස  බන්ධනාගාරය තුලදී මරණ දණ්ඩනය නියම වී සිටි සිරකරුවන් දෙදෙනෙකු එක්ව, මරණ දණ්ඩනය හිමිවී සිටි වෙනත් සිරකරුවෙකු කළු ගලකින් ගසා ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය  අද :(16) දහවල් 12.30 පමණ සිදුකර ඇති අතර, මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියමවී සිටි මේනක සංජීව නමැති වයස වුරුදු 39ක් වන පුද්ගලයෙකි.

 මෙම ඝාතනය  සිදුකළ දෙදෙනාද මරණ දණ්ඩනය නියම වී සිටි නිමල් හා මෙන්ඩිස් යන අය බව බන්ධනාගාරය නිලධාරියෙකු කියා සිටියා. මේ සම්බන්ධයෙන් අඟුනුකොලපෑලැස්ස පොලිසිය හා එක්ව පොලිස් පරීක්ෂණයක්ද සිදුකරමින් තිබේ.