Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රභාකරන්ගේ බංකරයක් හමුදාව විනාශ කරයි

දිනසේන රතුගමගේ - වවුනියාව




එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් භාවිත කරණ ලද බවට සැකකෙරෙන කිළිනොච්චියෙන් හමු වූ භූගත බංකරය විනාශ කොට දැමීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

මේ භූගත බංකරය යුද හමුදාවේ 14 වෙනි ජාතික ආරක්ෂක බල ඇණියට හමු වුයේ මීට වසරකට පමණ ඉහතදීය.

කිළිනොච්චියේ පුන්නෙයිනීරාවි ප්‍රදේශයෙන් හමු වූ මේ භූගත බංකරය සාමාන්‍ය වැසියෙකුට අයත් ඉඩමක තිබී හමු වූ අතර ඔහු සිය ඉඉඩම බැලීමට මීට වසරකට ඉහතදී පැමිණි අවස්ථාවේ එම බංකරය දැක තිබේ. ඔහු ඒ පිළිබදව පොලීසියට  දැණුම් දීමෙන් පසුව යුද හමුදාව පැමිණ මේ ස්ථානය පරීක්ෂා කොට තිබේ.

යුද හමුදාවේ පරීක්ෂණ කටයුතු වලින් පසුව මේ භුහත බංකරය තුළ ඇත්තේ මොනවාදැයි  නිශ්චිතව හදුණාගත නොහැකි නිසා ඒ ප්‍රදේශයට නොයන ලෙසට යුද  හමුදාව ඉඩමේ අයිතිකරුට දැණුම් දී තිබේ.

යුද හමුදාවට මේ බංකරය ආරක්ෂා කිරීමෙන් ඇති ප්‍රයෝජනයක් නොමැති නිසාත් ඉඩම හිමි සාමන්‍ය වැසියාට ඉඩමේ පදිංචි වීමට අවස්ථාව සලසා දීමත් සදහා යුද  එම භුගත බංකරය ඉවත් කිරීමට ඊයේ සිට  (17) පියවර ගෙන ඇත.