Saturday, April 27, 2024

General line - 0115112241

අතිශය තීරණාත්ම තොරතුරු ගොනුවක් රතන හිමි අතේ




බලයේ සිටින්නේ කවුරුන්ද යන්න නොව මෙම අවස්ථාවේදී වඩා වැදගත් වන්නේ මුහුණදී සිටින තර්ජනවලින් රට නිදහස් කර ගැනීම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

ත‍්‍රීකුණාමලය වරාය ඉන්දියාවට පවරාදීම පිළිබඳ උත්සහයක අතිශය තීරණාත්මක තොරතුරු ගණනාවක් ද තමන් වහන්සේ වෙත ලැබී ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

ඊයේ (05) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී මෙම කරුණු අනාවරණ කෙරුණා.

පවතින දේශපාලන වියවුල් විසඳා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් යටතේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවද මෙහිදී නැවත ප‍්‍රකාශ කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.