Friday, April 26, 2024

General line - 0115112241

පොලිස් අත්අඩංගුවට පත් වූ මත් කුඩු තොගයට සිදු වන දේ

සජිත් තිලකරත්න




ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් සොයා ගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බේරුවල සහ බලපිටිය අතර මුහුදු තීරයේදී පෙරේදා කළ වැටලීමකින් සොයා ගැනුණා. එහි වටිනාකම රුපියල් මිලියන 2,778 ක් පමන වන බව සඳහන්. එම හෙරොයින් තොගය සමග සැකකරුවන් දෙදෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් දින 7 ක් රදවාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය පොලීසියට ඊයේ අවසර ලබාදුන්නා.  

මෙම වැටලීම සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ 2008 වසරේ සිට මේ දක්වා වසර 10ක කාලයේදී ශ‍්‍රී ලංකාවේ මහාධිකරණ විසින් පුද්ගලයින් 371 දෙනෙකුට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බවයි.

 

පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍යවලට ඉන් අනතුරුව සිදු වන්නේ කුමක්දැයි ද සමාජයේ කුතුහලයක් පවතිනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඒ පිළිබඳවද අදහස් දක්වා සිටියා.