Saturday, April 27, 2024

General line - 0115112241

රාහුල් ගාන්ධි ගෙන් අභියෝගයක්

පවිත්‍රා මධුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ප‍්‍රංශයෙන් රෆේල් ජෙට් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය නොවන බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් එරට කොංග‍්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි විසින් අභියෝගයට ලක් කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රමුඛ එරට වත්මන් රජය මගින් ඉන්දීය රුපියල් කෝටි රුපියල් කෝටි 59,000ක් වැය කර සිදු කර අති බව පැවසෙන අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම අනවශ්‍ය බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) තීන්දු කළා. 
එහෙත් අදාළ ගනුදෙනුවේදී දේශීය කොන්ත‍්‍රාත්කරුවෙකු වන අනිල් අම්බානි හට අග‍්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ සැලකිල්ලක් ලැබුණු බව නුදුරේදීම ඔප්පු කර පෙන්වන බවයි රාහුල් ගාන්ධි පවසන්නේ.

නීතියෙන් සැගවී සිටියද, සැමදා ආරක්ෂා වී සිටිය නොහැකි බවත්, නුදුරේදීම ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණයට මුහුණ දීමට සිදුවන බවත් කොංග‍්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි, අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට අනතුරු අගවා සිටිනවා.