Saturday, April 27, 2024

General line - 0115112241

"මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි කියා අපි හැමෝගෙම ඔලුවේ කෙනෙක් ඉන්නවා"




පැවති බාධා ඉවත්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් පැහැදිළි ගමනක් සකස් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (19) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදීයි. 

ඉදිරි ජනාධිපතිවරණයකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වන අපේක්ෂකයා පිළිබඳවද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.

එහිදී "ගෝඨාභය මේ රටේ සිංහල බෞද්ධ ජනතාව අතර විශාල පදනමක් තියෙන කෙනෙක්. ඔහු පසුගිය කාලයේ මේ රටේ මධ්‍යම පංතිය සහ වෘත්තිකයන්ගේ කැමැත්ත දිනා ගත්තා. ඒක දිගටම යන්න ඕනේ. අපේ නව සන්ධානයට ඒක වාසියක්. නමුත් කවුද අපේක්ෂකයා කියන එක තීන්දු කරයි පිරිස එකතු වෙලා. අපේ තුළත් යම් අදහසක් තියෙනවා. ඒක කියන්න යන්නේ නෑ දැන්ම. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ළඟත් යම් අදහසක් ඇති.  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරි කාලයත් තවදුරටත් ජනාධිපති ධූරය දැරිය යුතුයි කියලා එතුමාම තීරණය කළ යුතුයි. අපි ඉල්ලීම් කළා ඒ පිළිබඳව. තවමත් අපි ඒ ඉල්ලීම් කරනවා. එතුමා තව කාලයක් හිටියොත් ශ්‍රීලනිපයට ඒක හයියක්." යනුවෙන් සඳහන් කළා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.