Saturday, April 27, 2024

General line - 0115112241

යුරෝපය හිමෙන් වැසෙයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යුරෝපයට අයත් රටවල් කිහිපයකට මේවනවිට දැඩි ශීත කාලගුණයක බලපෑම් එල්ල වී තිබෙනවා. එම රටවලින් දැඩි හිමපතනයක්ද වාර්තා වන බවයි විදෙස් වාර්තා පැවසුවේ. මෙලෙස දැඩි ශීත කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින රටවල් අතරට ජර්මනිය, ස්විට්සර්ලන්තය, ස්විඩනය, නෝර්වේ රාජ්‍යය හා ඔස්ටි‍්‍රයාව අයත්.

අධික ශීත කාලගුණය හමුවේ ජර්මනියේ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පාසල් ද  තාවකාලිකව වසා දමා තිබෙනවා. මහා මාර්ග මෙන්ම දුම්රිය මාර්ග රැසක් ද හිමෙන් වැසී ගොස් ඇති බැවින් ගමනාගමන කටයුතු අඩාල වී ඇතැයි ද සඳහන්. 

අධික ශීත කාලගුණයත් සමග ස්විට්සර්ලන්තයේ හිම කඳු කඩා වැටීම්ද වාර්තා වනවා. ස්විඩනයට හා නෝර්වේ රාජ්‍යයට හිම කුණාටුවල බලපෑම් ද එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඔස්ටි‍්‍රයාවේ ඇතැම් ප‍්‍රදේශවලින් මීටර් 03ක පමණ හිමපතනයක් වාර්තා වනවා. අධික ශීත කාලගුණය හේතුවෙන් ඔස්ටි‍්‍රයාවෙන් පුද්ගල මරණ 07ක් වාර්තා වන අතර අතුරුදන්වූ සංචාරකයින් දෙදෙනෙකු සොයා සහන මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.