Saturday, April 27, 2024

General line - 0115112241

පාසල් දරුවන්ට 'නෙත්' වෙතින් උපකාර

නිශාන් ද සිල්වා




අවශ්‍යතා සහිත දරු දැරියන්ට පොත්පත් සහ ශිෂ්‍ය ආධාර ලබාදීමේ වැඩසටහනක් නෙත් නිවුස්, ‘‘යූ ආර් අ ලීඩර්’’ සහ නවසීලන්ත - ශී‍්‍ර ලංකා පදනම එක්ව ඊයේ කි‍්‍රයාත්මක කළා. ඒ, අඛණ්ඩව තුන්වරටයි. ඒ යටතේ ති‍්‍රකුණාමලය උතුර මැදවච්චිය විද්‍යාලයේ සිසු දරුවන් සිය දෙනෙකුට අවශ්‍ය පොත්පත් සහ ළමුන් දෙදෙනෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් සිදු කෙරුණා. මේ, ඒ පිළිබද අදහස් දැක්වූ එම විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.ඩබ්ලිව්. කුමාරිහාමි.



මෙම වැඩසටහන සදහා මූල්‍ය අනුග‍්‍රහකත්වය ලබාදෙන නවසීලන්ත - ශී‍්‍ර ලංකා පදනමේ හිටපු සභාපති සහ කමිටු සාමාජික ආචාර්ය සිඞ්නි ප‍්‍රනාන්දු එම වැඩසටහන පිළිබද මෙලෙස අදහස් දැක්වුවා.



මෙම වැඩසටහන යටතේ බද්දේගම, පෝද්දල මහා විද්‍යාලය සහ යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ටද ඉකුත්දා පොත්පත් සහ ශිෂ්‍යාධාර පිරිනමනු ලැබුවා.