Friday, April 26, 2024

General line - 0115112241

දිවා රාත්‍රි ටෙස්ට් තරගයකින් ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව එකිනෙකා හමුවෙයි

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ඕස්ටේ‍්‍රලියානු තරග සංචාරය ලබන 17 වැනිදා ආරම්භ වනවා.

මෙම සංචාරයේදී ශ‍්‍රී  ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග ටෙස්ට් තරග 02කට සහභාගී වීමට නියමිතයි.

ඊට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 17 වැනිදා ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල සමග පුහුණු තුන්දින තරගයකට ද සහභාගී වනවා.

ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පළමු ටෙස්ට් තරගය ලබන 24 වැනිදා ආරම්භ වන්නේ දිවා රාත්‍රී තරගයක් ලෙසින්. ඒ, බි‍්‍රස්බේන් නුවර ගැබා කී‍්‍රඩාංගනයේදීයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියාවේදී සහභාගී වන පළමු දිවා රාතී‍්‍ර ටෙස්ට් තරගය ද මෙය වනවා. දෙරට අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය පෙබරවාරි මස 01වැනිදා කැන්බරාහිදී ආරම්භ වීමට නියමිතයි.