Tuesday, March 19, 2024

General line - 0115112241

ජනපති අද පිලිපීනය සමග ගිවිසුම් අත්සන් කරයි

සජිත් තිලකරත්න




පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (16) එරට ජනාධිපති රුද්‍රිගෝ ඩුටේරස් හමු වී ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වනවා. ඒ, එරට ජනාධිපති මන්දිරයේදීයි.

එහිදී දෙරට අතර අධ්‍යාපන, කෘෂිකර්ම සහ සංචාරක යන ක්ෂේත‍්‍රයන්හි සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබනු ඇති.

ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකට ද අද එක්වනවා. එහිදී ද විශේෂ අවබෝධතා ගිවිසුම් 02කට අත්සන් තැබීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

වසර 58ක දෙරට අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා කාලය තුළ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකු පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. මෙම සිව් දින රාජ්‍ය සංචාරය ආරම්භ වන්නේ ද අද දිනයෙන්. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) රාත්‍රියේ මැනිලා නුවර නිනෝයි අකිනෝ (Ninoy Aquino ) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වුණා.

එහිදී එරට වෙළෙද සහ කර්මාන්ත අමාත්‍ය Ramon Lopez ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමාව මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබුවා.

හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම් උත්සවය සංවිධානය කර තිබූ බවයි වාර්තා වෙන්නේ.