Saturday, April 27, 2024

General line - 0115112241

සේනා නිසා විපතට පත් ගොවීන්ට වන්දි ගෙවීමට අවධානය

පසන් වික්‍රමතිලක/ඩිල්ෂාන් මඩවල




සේනා දළඹුවාගෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීමට සලකා බලන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදින් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

සේනා දළඹුවා මර්දනය කිරීමට හදුනාගෙන ඇති දීලිරයක් පිළිබදවද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

අස්වනුවලට නිසි මිළක් නොලැබීමෙන් පීඩාවට පත් වට්ටක්කා ගොවීන්ට සහන සැලසීමටද කටයුතු කරන බවයි අමාත්‍ය පී හැරිසන් කියාසිටියේ.

ඒ අනුව කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 30ක මිලකට ගොවීන්ගෙන් වට්ටක්කා මිලට ගැනීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

මේ සදහා රුපියල් ලක්‍ෂ සියයක් වෙන්කර ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.