Saturday, April 27, 2024

General line - 0115112241

ජාතික තරුණ සේවා සභාවට වසර 50 ක් (PHOTOS)




ජාතික තරුණ සේවා සභාවට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ පිරිත් සඡ්ඡායනාව ඊයේ (06) රාත්‍රීයේදී ජාතික තරුණ  සේවා සභා පරිශ්‍රයේදී ආරම්භ වුණා.   

අද (07) අලුයම වනතුර පැවැත්වුණු මෙම පිරිත් සඡ්ඡායනයට ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවක මණ්ඩලය සහ යෞවන සමාජ නියෝජනය කරමින් තරුණ තරුණියන් පිරිසක් එක්ව සිටියා.

අද උදෑසන පනස් නමක් විශයෙහිලා පවත්වනු ලබන දානමය පුණ්‍යකර්මයක් පැවැත්වීමටද ජාතික තරුණ සේවා සභාව සියළු කටයුතු සූදානම් කර තිබුණා.