Saturday, April 27, 2024

General line - 0115112241

බ‍්‍රසීල හිටපු ජනාධිපතිගේ සිරදඩුවම වසර 25ක් දක්වා දිගු වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




බ‍්‍රසීල හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට වසර 25 ක සිරදඩුවම් විදීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහුට තවත් වසර 12 යි මාස 11 ක සිරදඩුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීරණය කිරීමත් සමගයි.

ඔහුට එරෙහිව එල්ල වී තිබූ තවත් දූෂණ චෝදනාවන්ට වරදකරු කරමින් මෙම දඩුවම ප‍්‍රකාශයට පත් කළා.

බ‍්‍රසීල හිටපු ජනාධිපතිවරයාට මීට පෙරද තවත් චෝදනාවකට වසර 12 ක සිරදඩුවමක් නියම කර තිබුණා.

ඔහුගේ නීතිඥවරුන් පවසන්නේ හිටපු ජනාධිපතිවරයාට ලබාදී ඇති දඩුවමට එරෙහිව අභියාචනා ගොණුකරන බවයි.

මෙය බ‍්‍රසීල හිටපු ජනාධිපතිවරයාට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයක් බවටද ඇතැම් පාර්ශව පවසනවා.

බ‍්‍රසීල හිටපු ජනාධිපති ලූලා ද සිල්වා මේ වනවිට 73 හැවිරිදි වියේ පසු වනවා.