Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට සීමා පැනවීමට යයි

කසුන් කැළුම්




ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට සීමා පැනවීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ජාතික කි‍්‍රකට් කණ්ඩායම සමග විදෙස් තරග සංචාරවලට එක්වන කි‍්‍රඩකයින්ගේ බිරිදෑවරුන්ට මෙම සීමා පැනවීම සිදුවනු ඇති බවයි කි‍්‍රකට් ආයතනයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

එ් අනුව දින 40කට වැඩි විදෙස් තරග සංචාර සඳහා පමණක් කී‍්‍රඩකයින්ගේ බිරින්දෑවරුන්ට එක්වීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

කෙටි විදෙස් තරග සංචාර සඳහා කී‍්‍රඩකයන් සමග එක්වීමට ඔවුන්ගේ බිරිදෑවරුන්ට ඒ අනුව ඉදිරියේදී අවස්ථාව හිමි නොවනු ඇති. බිරින්දෑවරුන් විදෙස් තරග සංචාරවලට එක්වීම කී‍්‍රඩකයන්ටද එක්තරා පීඩනයක් බවයි කි‍්‍රකට් බලධාරීන්ගේ අදහස් වී ඇත්තේ.

නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමකදී කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පැවසුවේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.