Saturday, April 27, 2024

General line - 0115112241

කලින් වෙන්කර ගන්නා දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ආශ‍්‍රිතව සිදුවන ජාවාරමක්




කලින් වෙන් කර ගන්නා දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ආශ‍්‍රිතව සිදුවන ජාවාරමක් පිළිබඳ නෙත් එෆ්. එම්. බැලූම්ගල ඊයේ (11) සිදු කළ අනාවරණයට දුම්රිය බලධාරින් ක්ෂණිකව ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේම ඔවුන් රැස්වි මේ සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර සාකච්ඡා කළ බවයි දුම්රිය බලධාරීන් පැවසුවේ. 

ඇතැම් ස්ථානාධිපතිවරුන් හා සේවකයින් එක්ව තැරැව්කරුවන් මාර්ගයෙන් මෙම ජාවාරම සිදු කරන බව නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනින් ඊයේ අනාවරණ කළා.

ඒ අනුව කිසියම් පුද්ගලයෙකු දුම්රිය ප‍්‍රවේශපත‍්‍රයක් කලින් වෙන් කර ගැනීමට විමසන අවස්ථාවේ ප‍්‍රවේශපත‍්‍ර නොමැති බව පවසා තැරැව්කරුවන් මාර්ගයෙන් වැඩි මිලට ඒවා ලබා ගැනීමට ඉඩ සලසන තත්ත්වයක් ඇති බවයි එහිදී අනාවරණ කෙරුණේ. 

ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසුවේ. නෙත් එෆ්. එම්. බැලූම්ගල හෙළි කළ දුම්රිය ‘‘බුකිං ටිකට්’’ වංචාවට අදාළ සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසෙන්න.