Friday, April 26, 2024

General line - 0115112241

පළාත්සභා නියෝජිතයන්ට අගමැතිගෙන් උපදෙසක්

සමන්ත කුමාර




පළාත් සභා සතු බලතල යොදා ගනිමින් එම ප‍්‍රදේශවල ජනතාවට සේවය කිරීම අදාළ පළාත් සභාවල නියෝජිතයින්ගේ වගකීමක් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. පළාත් සභාවල ඇතැම් නිලධාරීන්ගේ කි‍්‍රයාපිළිවෙත පිළිබඳ සෑහීමට පත්විය නොහැකි බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

කිලිනොච්චි දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ අද (15) පැවැති සංවර්ධන සමාලෝචන රැස්වීමට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

මැති ඇමතිවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා.