Friday, April 26, 2024

General line - 0115112241

ජාත්‍යන්තර ජයග්‍රහන ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවක්ට මුදල් තෑගී (PHOTOS)

කසුන් කැළුම්




ජාත්‍යන්තර තරග සඳහා 2018 වර්ෂයේ දී සහභාගී වී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවය ඊයේ (18) දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ආර්ජන්ටිනාවේදී පවත්වන ලද යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ ලෝඩක පදක්කම දිනාගත් පාරමී මාරිස්ටෙලා ක්‍රීඩිකාව සහ ඇයගේ පුහුණුකරු, කොරියාවේදී පැවැත්වූ ලෝක කුසලාන කැරම් තරගාවලියේදී ලොක් ශූරතාව දිනාගත් කැරම් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන්, සිංගප්පූරුවේ පැවති ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ක්‍රීඩිකාවන් මෙහිදී ත්‍යාග මුදල් හිමිකම් ලබා ගත්තා.