Saturday, April 27, 2024

General line - 0115112241

වැඩිකල් නොගෙන ත‍්‍රස්තවාදය නිමා කරන බවට ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්




ත‍්‍රස්තවාදය මුලින් උපුටා දමන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

ඒ සඳහා වැඩි කාලයක් ගත කිරීමට තමා සූදානම් නොමැති බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

අහමදාබාද්හි පැවැති ජන හමුවකට එක්වෙමින් ඉන්දීය අග‍්‍රාමාත්‍යා මේ බව ප‍්‍රකාශ කළා.

ඊට පදනම් වූයේ ඉන්දීය හමුදා භටයින් පිරිසක් ඉලක්ක කර කාශ්මීරයේදී ඉකුත් දා එල්ල වුණු ත‍්‍රස්ත ප‍්‍රහාරයයි. 

ත‍්‍රස්තවාදීන් පොළව අභ්‍යන්තරයේ සැඟව සිටියද, ඔවුන්ගේ වාසස්ථාන සහමුලින්ම විනාශ කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඉකුත් වසර 40 පුරාවටම ඉන්දියාව ත‍්‍රස්තවාදයෙන් පීඩාවට පත්ව සිටි බවයි මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ධනය සහ බලය පිළිබඳ තැකීමක් නොකරන තමන් අවධානයෙන් පසුවන්නේ, සිය රටේ ආරක්ෂාව පිළිබඳ බවයි අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් පැවසුවේ.