Saturday, April 27, 2024

General line - 0115112241

යෝද තල්මසෙකු ගැටීමෙන් ජපන් නෞකාවක් අනතුරට ලක්වේ - මගීන් 80කට තුවාල

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තල්මසෙකු ගැටීමෙන් ජපානයට අයත් නෞකාවක් අනතුරට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ජපන් මුහුදු සීමාවේදී අදාළ නෞකාව මෙලෙස තල්මසෙකු සමග ගැටී ඇති බවයි. 

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ නිගාටා වරායේ සිට සදෝ දූපත බලා යාත‍්‍රා කරමින් තිබූ අධිවේගී නෞකාවක්. අනතුරට පත්වන අවස්ථාවේ නෞකාව තුළ මගීන් 121 දෙනෙකු හා කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු සිට තිබෙනවා. 

කෙසේවෛතත් අනතුරෙන් මගීන් 80දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි සඳහන්. සිද්ධියෙන් නෞකාවට ද සුළු අලාභ හානි සිදුව තිබෙනවා. 

අනතුර සම්බන්ධයෙන් නෞකාව අයත් සමාගම එහි මගීන්ගෙන් සමාව අයැද සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්.