Thursday, May 2, 2024

General line - 0115112241

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සරසවි සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනමයි




ශ්‍රී ලාංකික දරුවන්ගේ උසස් අධ්‍යාපන වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වයට අරමුදල් ලබාදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගියදා තම අලෙවි ජාලයේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කළා.

එහිදී සිය අලෙවි නියෝජිතයන්ගේ දැනට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දූ දරුවන් 25 දෙනෙකුට මෙම ශිත්‍යත්ව ප්‍රදානය කිරීම සිදු වුණා.

ඒ අනුව මසකට රුපියල් 1500 බැගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන මෙම පූර්ණ කාලීන ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙනවා.

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම, ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්. ආර් විමලසිරි, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ජනතාව මිලදී ගන්නා සෑම ටිකට්පතකින්ම නිදහස් අධ්‍යාපනයේ උරුමය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වයට දායක වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් හුදු ටිකට්පතක් නොවන බවයි මණ්ඩලය පෙන්වා දෙන්නේ.