Saturday, April 27, 2024

General line - 0115112241

අයවැය විවාදයෙන් පාර්ලිමේන්තුව උණුසුම්

සමන්ත කුමාර




දින 52 දේශපාලන අර්බුදය මෙරට ආර්ථිකය කඩා වැටීමට ප‍්‍රධාන හේතුව ලෙස ආණ්ඩුව පෙන්වා දුන්නද එම කාලසීමාව අයත් කාර්තුව තුළ ආර්ථික වර්ධනය ඊට පෙර කාර්තුවට වඩා වැඩි වී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලප්පෙරුම පවසනවා. අයවැය 3 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයට ඊයේ එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

මේ අතර විවාදයට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක උතුරු පළාතේ වී මිළදී ගැනීමේදී ව්‍යාපාරිකයන් ගොවීන්ට සිදුකරන අසාධාරණයක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කළා. එම තොරතුරු අළලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් පහතින්,

 

මේ අතර අයවැය 3 වනවර කියවීමේ විවාදය 3 වන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂ 6 ක් අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.