Saturday, April 27, 2024

General line - 0115112241

සතියක් ඇතුළත කෘතීම වැසි (PHOTOS)

රංජිත් රාජපක්ෂ




තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල ජලාශ අවට කෘතීම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින්  සතියක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී.ජී.එස්. ගුණසේකර පවසනවා.

කාසල්රී ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 15 ක් දක්වා ජල විදුලිය උත්පාදනය සිදු කල හැකි බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාවෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, විමලසුරේන්ද්‍ර සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල උපරිම ධාරිතවකින් විදුලි උත්පාදනය සිදු කෙරෙනවා.

වික්ටෝරියා සහ කොත්මලේ ජලාශවලද ජල මට්ටම සීඝ්‍රයෙන් පහල බැස ඇති නිසා තායිලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දා මෙරටට පැමිණ කෘතීම වැසි ඇති කිරීම සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කල බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව එම කණ්ඩායම මෙරට අංශ සමග සම්බන්ධ වෙමින් කෘතීම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇති.

කාලස්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පහල බැසීම හේතුවෙන් එම ජලාශ ඉදි කිරීමේදී යට වු නටබුන් රැසක් මේ වන විට මතු වි ඇති අතර ජලාශය පුරා රොන්මඩවලින් පිරි ඇති අයුරු දැක ගත හැකිවනවා.