Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව ටෙස්ට් දිනුමකට කඩුලු 7ක් පිටුපසින් – ඕස්ටේ‍්‍රලියාව ලකුණු 185ක් පිටුපසින්




වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

4වන දිනය වූ අදත් අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කෙරුණේ නියමිත වේලාවට පෙරයි.

ඒ වන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටියා.

ඒ අනුව තරගය ජයගැනීමට නම් ඔවුන් තවත් ලකුණු 185ක් ලබාගත යුතුයි.

පල්ලෙකැලේ අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.