Saturday, April 27, 2024

General line - 0115112241

හතුරුසිංහ රහසේම පැමිණ රහසේම පිටව යයි

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කි‍්‍රකට් ප‍්‍රධානීන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා.

කෙසේ වෙතත් සාකච්ඡා සඳහා පැමිණෙන අවස්ථාවේදී සහ සාකච්ඡාව අවසානයේදී ඔහු මාධ්‍ය මගහැර ගොස් තිබුණා.  

ඒ අනුව සාකච්ඡාව සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ශම්මි සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සාකච්ඡුාව පැය එකහමාරක් පමණ පැවැති බවයි. එහිදී ලෝක කුසලාන සැලසුම් පිළිබඳ සාකච්ඡුා කළ බව ද සභාපතිවරයා සඳහන් කළා.  

මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ පමණයි.

දකුණු අප‍්‍රිකාව සමග පැවති එක්දින තරගාවලියේ ලද පරාජයෙන් පසු චන්දික හතුරුසිංහ වහාම දිවයිනට කැදවීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් තීරණය කළේ.